Monday, 21 May 2012
You are here:

Who is Online

We have 1 guest online
Mavita Kanishta Vidyalaya
Opening Function. PDF Print E-mail
Written by Administrator   
Thursday, 13 May 2010 18:27

ප්‍රධාන උත්සවයට සමගාමීව අද දින මාවිට කනිෂ්ඨ විද්‍යාලයේදී සිදුවන දෑ අතර,

01.පුස්තකාලය විවෘත කිරීම
මෙය Room to Read හා  world vision Lanka ආයතන මගින් දෙමහල් ගොඩ නැගිල්ලේ කාමරයක් පුස්තකාල කවරයක් ලෙස සකස් කර එයට අවශ්‍ය ඩෙස්,පුටු,හා කබඩ් පරිත්‍යාග කර තිබුණි.2010.05.14 දින රු.75000/=පුස්තකාල පොත් වර්ල්ඩ් විෂන් ආයතනය මගින් පිරිනැමීම නිමිති කොටගෙන මෙම පුස්තකාලය විවෘතකිරීමද සිදු කෙරේ.

02.පරිගණක කාමරයක් සකසා නව පරිගණකගාරයක් පරිත්‍යාග කිරීම
මෙහිදී ඉංග්‍රීසි හා පරිගණක තාක්ෂණය දියුණු කිරීමේ වැඩසටහන මගින් දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් මැතිතුමාගේ විශේෂ අනුග්‍රහයෙන් ගා/මාවිට කණිටු විදුහලට නව පරිගණක ඒකකයක් ප්‍රධානය කරන ලදී.මෙයට නවතම පරිගණක 5 ක් පිරිනැමූ අතර තුන්වසක පරිගණක පුහුණුවක් තෝරාගත් ආචාර්යවරියන් දෙදෙනෙකුට ලබාදෙන ලදි.විධිමත් ලෙස සකස් කළ මෙම පරිගණක ඒකකය නිල වශයෙන් විවෘත කිරීමත් ගා/ මාවිට කණිෂ්ඨ විදුහල සදහා නව වෙබ් අඩවියක් විවෘත කිරීමත් මෙදිනම සිදු කිරීම වැදගත් කාර්ය්‍යකි.

04. 2010.05.14.දින උත්සවයේ අනෙක් සුවිශේෂි වැදගත් අරමුණක් වන්නේ මෙම විදුහලේ ආදී ශිෂ්‍යයන් දෙපලක්. තවලම සිටි කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ සේන කොස්වත්ත මැතිතුමාට උපහාර පිදීමත් එමෙන්ම එම පදවියට අළුතින් පත්වු ආදී ශිෂ්‍යාවක වන එච්.එස්. අයිරාංගනි මහත් මිය පිළිගැනීමත් සිදු කිරීමයි.

උග්‍ර භෞතික මානව සම්පත් හිගයක් පවතින ගා/මාවිට කණිටු විදුහල එවන් බාධක මධ්‍යයේ ලබා ඇති මෙකී සුවිශේෂි ජයග්‍රහණ පෙන්නා දීමත් විදුහලට අවශ්‍යතා පෙන්නාදී බලධාරින්ගේ අවධානය යොමුකර නව අවශ්‍යතා ඉටුකර ගැනීමත් මෙම උත්සවයේ තවත් පරමාර්ථයක් බව සදහන් කළ හැක.

Last Updated on Tuesday, 24 January 2012 03:20